නිදහස් දින ජාතික උත්සවය මින් ඉදිරියට ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර පරිශ්‍රයේ පැවැත්වීම සඳහා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට තමන් වහන්සේ විසින් යෝජනා කර සිටින බව රංගිරි දඹුලු රජමහා විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර මැද පන්සල විහාර ගණයේ විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ පවසති.
ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජාතික උත්සවය කොළඹ පැවැත්වීම නුසුදුසු බවත් ඒ සඳහා නියමාකාර ලෙස උරුමකම් කියනු ලබන්නේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය බවත් නිදහස වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදුකල පින්බිම දඹුල්ල බවද උන්වහන්සේ අවධාරණය කරති.
1848 වසරේ ගොංගාලේගොඩ බණ්ඩාට ඔටුනු පලඳා නිදහස් අරගලය වෙනුවෙන් වීර පුරන් අප්පු වීරයා සමඟ මාතලේ කැරැල්ල මෙහෙයවීමේ සුවිශේෂී වූ දායකත්වය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ද එවකට රංගිරි දඹුලු රජමහා විහාරයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
නිදහස් දින ජාතික උත්සවය දඹුල්ලේ පැවැත්වීමට සුදුසු කම් ඕනෑ තරම් අතීතයේ කරුණු කාරණා සාධක පිළිබඳව පෙන්වා දිය හැකි බවත් මේ පිළිබඳව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කොට 73 වන ජාතික දින ජාතික නිදහස් සැමරුම ජාතිය වෙනුවෙන් පණ දුන් විරුවන්ට උපහාරයක් වන්නට ඓතිහාසික දඹුල්ල බිමේ පවත්වන්නට තමන් වහන්සේ යෝජනා කර සිටින බවද පෙන්වා දෙති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ හැත්තෑ දෙවැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථනය මූලික කරගෙන පෙබරවාරි 4 දින සූදානම් කොට ඇති උත්සවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.