ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන ධීවර ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ධීවරයින් 15දෙනෙකුට ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් හමුවීම සඳහා අවස්ථාව ලබාදෙන බවට ඉන්දීය මධ්‍යම රජයේ මහා පරිමාන හා පොදු ව්‍යාපාර පිළිබඳ මන්ත්‍රී පොන්. රාධක්‍රිෂ්ණන් ඉන්දීය ධීවර නියෝජිතයින්ට පවසා තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි.
මෙම සාකච්ඡාව එළඹෙන 18දා හා 19දා පැවැත්වීමට නියමිත බවත් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු නිදහස්කර ගැනීම සඳහාත් මෙය පැවැත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.