ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට උතුරු , නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැමුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මි 70-80) පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විමට වැඩි හැකියාවක් පවති.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල ,මාතර සහ හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 50 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින්් යිට රළු විය හැක.
ඉහත මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදෙන පිරිස් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණයෙන් අනතුරු අඟවයි.