දෙහිවල පුස්තකාල මාවත කෙලවර මුහුදු තීරයට (12 ) වන දින උදෑසන මියගිය අයෙකුගේ මළසිරුරක් ගොඩ ගසා තිබියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වැල්ලවත්ත රාමක්රිෂ්ණ පාර පදිංචිව සිටින වයස අවුරුදු (53) ක්ද වන අයෙකුද වන අතර, මෙම පුද්ගලයා පසුගිය 9 වන දින මුහුණේ තැලුම් තූවාල සහිතව දකුණු කොළඹ ශික්ෂණ රෝහල අංක 38 දරණ වාට්ටුවට ඇතුලත්ව ප්රතිකාර ලබමින් සිට ඇති අතර, 12 වන දින උදෑසන රෝහලින් පලා ගොස් ඇති බවත් සිදුකල විමර්ශනයට අනුව හෙලිවී ඇතැයිද පොලීසිය කියයි .
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දැනට මෘතශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු දෙහිවල පොලිස් ස්ථානය මගින් සිදුකරගන යනුද ලබයි.
දෙහිවල එච් එම් ධර්මපාල