එළඹෙන දෙසැම්බර් 04 වැනිදා වනවිට නව වසර සඳහා වූ සියලුම පාසල් පෙළපොත් බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් තිස්ස හේවාවිතාරණ මහතා පවසයි.
රුපියල් කෝටි 360 ක වියදමින් මුද්‍රිත පාසල් පෙළපොත්වලින් 65% ක පමණ ප්‍රමාණයක් මේ වනවිටත් බෙදා අවසන්ව ඇතැයි ඒ මහතා 'අද' ට සඳහන් කළේය.
වසර 08කට වරක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් විෂය නිර්දේශයන් වෙනස් කිරීමකට ලක්කෙරෙන අතර, ඒ අනුව මෙවර 1 ශ්‍රේණිය, 07 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කෙරෙන බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
නිදර්ශනී වික්‍රමසිංහ