නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ පවතින සීතලත් හේතුවෙන් දෙසැම්බර් මාසයේදී උෟව පළාත් සභාව නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ පිළිබඳව ජවිපේ හා එජාප මන්ත්‍රීවරු විරෝධතා දැක්වීම හේතුවෙන් ඡන්ද විමසුමකට ගිය අතර එහිදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්ද 17ක් හා විපක්ෂව ඡන්ද 11ක් ලැබී තිබේ.
ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීධුර 19ක් හා විපක්ෂයට මන්ත්‍රිධුර 15ක් තිබේ.
කෙසේ වෙතත් ඡන්දය විමසන අවස්ථාවේදී විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු ඇතුළු සිව්දනෛක් නොසිටිහ.
ආණ්ඩු පක්ෂයේ උදාර සොයිසා පළාත් සභාවට පැමිණ නොසිටියේය.
කෙසේ වෙතත් උෟව පළාත් සභාව පෙරළීමට විපක්ෂය විසින් උත්සාහ කරන බවට පසුගිය දින කිහිපයේදී ප්රවෘත්ති පළ විය.
නැවත වරක් ඌව පළාත් සභාව ජනවාරි මස 15දා පැවැත්වීමට නියමිතය.
ඇල්ල ඒ ගමගේ