එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවයෙන්, ගෞරවයෙන්, සාධාරණත්වයෙන් සහ ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ දෙමළ ජනතාවගේ අපේක්ෂා මුදුන් පත්වන දේශපාලන විසඳුමක අවශ්‍යතාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
දෙමළ ජාතික සන්ධානය හා පැවැත්වූ සාකච්ඡාවලින් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇති බව බී.බී.සී.ය කියයි.
ඒ මත පිහිටා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුගතව දේශපාලන විසඳුමක් සෙවීමට සහයෝගීත්වයෙන්, එකිනෙකාට එකඟවිය හැකි මට්ටමේ හැඟීමකින් සහ සාධනීය දායකත්වයකින් යුතුව ක්‍රියාකරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිට ඇති බවද පැවසෙයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහන සේවා , පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දිගින් දිගටම ඉන්දියාවේ සහාය ලැබෙන බව ඉන්දීය අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥාවක් දී ඇති බවද කියැවෙයි.
නිවාස ඉදිකිරීම්, ජීවනෝපාය මාර්ග, අධ්‍යාපනය , රෝහල්, යටි තල පහසුකම් මෙන්ම හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයේ අඛණ්ඩ සහාය ලැබෙන බව නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා තවදුරටත් තම නිවේදනයේ කියා ඇති බව පැවසෙයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිත පිරිසක් අගමැතිවරයා සමග සාකච්ඡාවට එක්ව තිබේ.