පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයකට පටහැනිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතාට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. පක්ෂයේ මධ්‍යම කාරක සභාව අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවත් එම රැස්වීමට දුමින්ද දිසානයක මහතාද එක්ව සිටි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කළේය.