ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්රියාත්මක කළ පැය 24ක සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.
කලින් නොදන්වා ඊයේ දිනයෙදී ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් විශාල පීඩාවකට ලක්විය.
ඇතැම් දුර ගමන් සේවා දුම්රියන් ගමනාන්තයට ධාවනය නොකට අතරමැදි දුම්රිය ස්ථානවල නවතා තැබීමට කටයුතු කිරීම හේතුවෙන්ද මඟීන් පීඩාවට ලක්විය.
දීර්ඝ සති අන්තයක් හේතුවෙන් ඊයේ දිනයේදී දුම්රිය සේවයට ලබා ගැනිමට තිබූ අතිවිශාල ආදායමක්ද මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් අහිමි විය.
දුම්රිය වර්ජනය අවසාන කළද දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්විමට සැලකිය යුතු කාලයක් ගත වෙනු ඇත.