පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් ගත කර තිබියදී දියවන්නා ඔයට කඩාවැටුණු ඩ්‍රෝන කැමරාව නාවික හමුදා කිමිදුම්කරුවන් හා ගුවන් හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී අද (4දා) සොයාගත් බව ගුවන් හමුදාව පවසයි.
එම ඩ්‍රෝන කැමරාව හමුවී ඇත්තේ කියම් හෑම් වටරවුම සහ පහලවෙල මාර්ගය අතර කොටස ආසන්නයේ දියවන්නා ඔයේ තිබියදීය.
කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම ඩ්‍රෝන කැමරාව කඩා වැටුණු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.