පාර්ලිමේන්තුව විසුරුවන දිනය පිළිබඳව දන්නේ ජනාධිපතිවරයා සහ දෙවියන් පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එබැවින් පාර්ලිමේන්තුව විසුරුවන දිනය, හෝරාවන් පිළිබඳව තමාට කිසිවක් කිව නොහැකි බවත්, කෙසේ වෙතත් ලබන සැප්තැම්බර් මාසයට ප්‍රථම නව පාර්ලිමේන්තුවක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.