ශ්‍රී ලංකාවට දැවි තෙල් රැගෙන ආ නෞකාවක් වෙනුවෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 34 ගෙවා දැමූ බවත් ඒ අනුව එම නෞකාවෙන් දැවිතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේදි ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම දැවිතෙල් තොගය විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් හා කර්මාන්ත කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
එසේම මේ වන විට නඩත්තු කටයුතු වෙනුවෙන් අක්‍රීය කර ඇති නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය නැවත ජාතික පද්ධතියට එක්කරන තෙක් මේ වන විට පවත්වාගෙන යන පැය 2 විනාඩි 30ක විදුලි කප්පාදුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට මෙම දැවි තෙල් තොගය යොදා ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.