මීළඟ දැයට කිරුළ දකුණට ගෙන යන බවත්, ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම, රත්නපුර යන දිස්ත්‍රික් හතරටම මීළඟ දැයට කිරුළේ ප්රතිලාභ ගෙනයෑමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අටවැනි දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ජනපති මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) කුලියාපිටියේදී මීට ස්වල්ප මොහොතකට පෙර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අද සිට මේ මස 27 වැනිදා දක්වා කුලියාපිටිය පිහිටි වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විදුහල හා කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ අක්කර 162 ක භූමි ප්‍රදේශයක මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා එක්කොට ඇත.
මෙවර දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය යටතේ කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ පොදු යටිතල පහසුකම් නැංවීමට රජය විසින් රු.මිලියන පනස්දහසකට අධික මුදලක් වැයකර තිබේ.