දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනය නරඹීම සඳහා මේ දක්වා මිලියන 1.5කට ආසන්න ජනතාවක් පැමිණ ඇති බව දැයට කිරුළ මහලේකම් කාර්යාලය පවසයි.
ඉන් ලක්ෂ 06කට අධික පිරිසක් කාන්තාවන් බව දැයට කිරුළ ලේකම් කාර්යාලය සඳහන් කරයි. ප්‍රදර්ශනයේදී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව පවත්වනු ලබන මාධ්‍ය කලාපයේ විජය පුවත්පත් සමාගමේ ‘අද, ලංකාදීප, විජය’ ප්‍රදර්ශන කුටියටද විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතියි.
ඉන්දික සෙනෙවිරත්න