(UPDATE) රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයන් සිව්දෙනා ඇතුළුව හත්දෙනෙකු නිදහස් කිරීමට තමිල්නාඩු රජය අද (19දා) තීරණය කළේය.
අද පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී ජයලලිතා ප්රමුඛ තමිල්නාඩු අමාත්‍යවරුන් චූදිතයන් නිදහස් කිරීමට තීරණයකරඇති අතර, තම තීරණයට දින තුනක් ඇතුළත ඉන්දීය මධ්‍යම රජය ප්‍රතිචාරයක් දැක්විය යුතු බවත්, එසේ ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් තමන්ට පැවැරී ඇති බලතල අනුව චූදිතයන්ව නිදහස් කිරීමටත් තමිල්නාඩු රජය තීරණය කර තිබේ
-------------------------------------------------------------------------------------------------
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන්ට ඊයේ (18දා) නියම වූ ජීවිතාන්තය දක්වාවන මරණීය දණ්ඩනය ඉවත් කර ගැනීම කෙරෙහි තමිල්නාඩු රජයේ අවධානය යොමුව ඇත.
ඒ සඳහා තමිල්නාඩු කැබිනට් මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක්ද අද (19දා) පැවැත්වීමට තමිල්නාඩු මහඇමතනී ජයලලිතා කටයුතු කොට ඇත.
---------------------------------------------------------------------------------------------------
තමන්ට පැවැති මරණ දඩුවම ජීවිතාන්තය දක්ව වූ සිරදඬුවමක් බවට පත්කිරීම හරහා සාධාරණය ඉෂ්ට වු බව හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිවි ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයෝ තිදෙනා පවසති.
තමන්ට හිමිවූ නිදහස සඳහන් කරමින් චූදිතයන් මෙසේ අදහස් ප්‍රකාශ කළ බවත්, ඉදිරියේදී තමන්ට නිදහස හිමිවනු ඇතැයි ඔවුන් විශ්වාසයෙන් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
“අපේ ජීවිත බේරා ගැනීමට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා විශාල කාර්යයක් ඉටුකළා”- පෙරරිවාලන්
“මම හා මගේ බිරිඳ (නාලිනී රජීව් ඝාතනයේ සිටින එකම කාන්තාව) බලාගෙන ඉන්නේ ලන්ඩනයේ සිටින අපේ දුව හමුවෙන්නයි”- මුරුගන්
“මම නිදහස් වුණොත් කොහාටද යන්නෙ කියලා මට හිතාගන්න බෑ. මට පවුලක් නෑ. නමුත් දෙවියන් මට පාර පෙන්නාවි ”- සන්තාන්
යනුවෙන් ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූ චූදිතයෝ ඉන්දීය මාධ්‍යට ප්‍රකාශ කළහ.