දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට තමන් නියෝජනය කරන නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සහභාගි කරවිය නොහැකි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා එම කොමිසමට අද (22) ලිඛිතව දැනුම් දී ඇත.
නීතීපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීමට දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම නීතීමය බලතල ඇති අධිකරණයක් නොවන බව එහි සභාපතිවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා අධිකරණ වල අපරාධමය නඩු මෙහෙයවන බව නීතීපතිවරයාගේ නියෝජිතයින් කොමිෂන් සභාවට කැඳවීම මඟින් නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරීන් වලට අගතිදායක හා අහිතකර තත්වයන් ඇති කරවන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.
දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතාට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එම කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව කරුණු දැනුම් දෙමින් මේ බව දැනුම් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
කොමිෂන් සභාවට ලබා දී ඇති බලතල ප්‍රකාරව නීතීපතිවරයා හෝ ඔහුගේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ නොහැකි බව දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට දැනුම් දී ඇති නීතීපතිවරයා කොමිෂන් සභාවට විමර්ශන කිරීමට බලතල ඇත්තේ දේශපාලන පළිගැනීම් වලට ලක්වු බව කියන රජයේ නිලධාරීන් රාජ්‍ය සංස්ථාවල සේවකයින් සන්නද්ධ හමුදා වල සහ පොලිස් සේවයේ සාමාජිකයින් සම්බන්ධයන් පමණක් වන බවද දැනුම් දී ඇත.
දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩ වලට අයත් නොවන හෙයින් ඔහුට නීතී්යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නොහැකි බව කොමිසමට දැනුම් දී ඇති නීතීපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 සී සහ 105 වගන්තී අනුව නීතීපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීමට කොමිෂන් සභාව නීතීමය බලතල ඇති අධිකරණයක් නොවන බවට වැඩිදුරටත් දැනුම් දී ඇත.
මේ වන විටත් අධිකරණ වල අපරාධමය නඩු මෙහෙයවන බව නීතීපතිවරයාගේ නියෝජිතයින් පනතේ 16 වැනි වගන්තිය යටතේ කොමිෂන් සභාවට කැඳවීම මඟින් නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරීන් වලට අගතිදායක හා අහිතකර තත්වයන් ඇති කරවන බවද නීතීපතිවරයා එම කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් පෙන්වා දී ඇත.
2020 ජුනි 17 වැනිදා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නිකුත් කළ සිතාසිය නීතීයට පටහැනි සහ නීතීය ඉදිරියේ වලංගු නොවන බවද නීතීපතිවරයා විසින් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.