දඹුල්ල විහාර ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන යන කසිප්පු තිප්පොළවල් 03 ක් නවතාදෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (25දා) දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූහ.
මෙහිදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසම් තත්ත්වයක් ඇතිවිය. දඹුල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත, මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ. වීරසිංහ යන පිරිස පවසා සිටියේ කසිප්පු තිප්පොළ අවසන් කිරීමට මාසයක පමණ කාලයක් අවශ්‍ය බවයි. ඒ අනුව මාර්තු මස අවසන් වනවිට කසිප්පු තිප්පොළවල් ඉවත්කිරීම කටයුතු කරන බවද පොලීසිය පැවසීය.