දඹුල්ල දේවහුව රක්ෂිතයේ ආසන්නයේදි ස්ප්‍රීතු ලීටර් 9 ක් සගවා ඒවා බෙදා හැරිම සදහා සිටිබව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ලැබුන තොරතුරු මත රක්ෂිතය තුල පවත්වාගෙන ගිය ස්ප්‍රීතු නිෂ්පාදනාගාර 4 ක් වටලා ස්ප්‍රිතු නිෂ්පාදනය සදහා යොදාගන්නා උපකරණ බොහොමයක් හා ස්ර්ප්රීතු ලිටර් 18 ක් අත්අඩංගුවට ගැනිමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වි ඇත.
අද (06) පෙරවරුවේදි මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිදුකල වැටලිමකදි මෙම සැකකරුවන් 6 දෙනා සමග ස්ප්‍රිතු නිෂ්පාදනය සදහා යොදාගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් ද මේ සමග අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇති අතර සැකකරුවන් එම ප්‍රදේශයේම වන බවත් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
ස්ප්‍රිතු නිෂ්පාදනය සදහා යොදාගන්නා උපකරණ ඉදිරියේදි දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.