වැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරු සංගංමය සඳහන් කරයි.
අදාළ ගැටලු පිලිබඳ හෙට (13දා) බලධාරීන් සාකච්ඡාවක් ලබාදී තිබෙන බවත්, එම සාකච්ඡාවෙන් ලැබෙන තීරණයට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.
සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරියේදී වැඩවර්ජනයක් දියත් කරන බවද හෙතෙම පවසා සිටියේය.