දඩමස් යැයි පවසමින් සුනඛ මස් විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
නියඟය හේතුවෙන් දිය සොයා එන මුවන් ඇතුළු සතුන් මරා මස් පිණිස විකුණන ජාවාරම්කරුවන් වැටලීමේ විශේෂ මෙහෙයුමකින් පසුව මේ පිළිබඳව අනාවරණය වී ඇත.
එහිදී හම්බන්තොට බඳගිරියේ තම්මැන්නාව වැව් රක්ෂිතයේ සිදුකළ සෝදිසියකදී මෙසේ සුනඛයන් මැරූ ස්ථාන කිහිපයක් වනජීවී නිලධාරීන්ට හසුවී ඇති අතර, එහි තිබී සුනඛ ශරීර කොටස්ද හමුවී තිබේ.
මෙසේ දඩමස් ලෙසින් සැකසූ සුනඛ මස් හම්බන්තොට අවට ප්රදේශවලට හා ඇඹිලිපිටිය අම්බලන්තොට, තංගල්ල, ලුණුගම්වෙහෙර, තිස්ස ආදී ප්රදේශවලටද අලෙවිකර ඇති බවටද තොරතුරු සොයාගෙන තිබේ.
රාහුල සමන්ත හම්බන්තොට