නුදුරු අනාගතයේ දී දකුණු ආසියාව සංවර්ධනාත්මක ආර්ථිකයට හා විශාල වෙළඳ පොලකට උරුමකම් කියන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එසේම එම වෙළඳපොළ ඉලක්ක කර ගත් කර්මාන්ත, නිෂ්පාදන සහ සේවා සැපයීමට ආසියානු ආර්ථික බලවතුන් සැලසුම් සකස් කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අද (16 දා) දහවල්, චීනයේ ෂෙන්ඡන් නුවර හිල්ටන් හෝටලයේ පැවති ව්‍යවසායකයන්ගේ සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය. ඉන්දීය සාගරය වටා නිර්මාණය වන නව වෙළඳපොල අත්පත් කර ගැනීම සඳහා දීර්ඝ කාලීන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරලීමේ දී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ ආර්ථික අභිලාෂයන් උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් බවත් එයින් ප්‍රයෝජන ගැනීමට ඉදිරිපත් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ෂෙන්ඡන් නගරයේ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් ද කළේ ය.
චයිනා මර්චන්ට් සමාගම විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව සඳහා චීනයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක සමාගම් 30 ක නියෝජිතයන් පැමිණ සිටියහ.