තේ කෝප්පයක මිල රුපියල් 20ක්, බත් පැකට්ටුවක මිල රුපියල් 130ක්, ආප්පයක මිල 15ක් හා කිරි තේ කෝප්පයක මිල රුපයල් 40ක් ලෙස උපරිම මිලක් පනවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ගෑස් මිල ඉහළ යෑම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම නිසා සිය නිෂ්පාදනවල මිල ඉහළ යෑම පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද ඔවුහු පවසති.