බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මේ මස 20වැනිදා ආරම්භ වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඒ.එල්. රත්නායක මහතා 'අද' ට පැවසීය.
පෙබරවාරි මස 7 වන දා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුකරන බවද මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම මේ මස 30 වන දා සිට පෙබරවාරි 6 වන දා දක්වා සිදුකරනා බවද මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසීය. 2013 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර පළාත් සභා මැතිවරණය පැවැත්වේ.