පාසල් තුළ ඇතැම් විෂයන්ට අදාළව ගුරු හිඟයක් පවතින බවත් එය පියවීම සඳහා ගුරු සහයකයන් ලෙස පනස්දහසක් බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ද්විතීක පාසල් ගණයට අලූතින් ඇතුළත් කරගැනුණු පාසල්වල සෞන්දර්ය ගුරුවරුන්ගේ හිඟයක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටි අතර එයට පිළිතුරැ ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේබව සඳහන් කළේය.