තල් කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ අරමුණින් මන්නාරම සෙල්වාරි ප්‍රදේශයේදී තල්කෙඳි සැකසුම් මධ්‍යස්ථානයක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
දෙමළ ජනතාව බොහෝ පිරිසක් තල් ගස උපයෝගි කොට ගෙන විවිධ වූ කර්මාන්තයන්හි යෙදෙන අතර එහි ප්‍රධාන තැනක් ගන්නා තල්කෙඳි සැකසිමේදී ජනතාවට පැවති ගැටලුකාරි තත්ත්වයට විසඳුමක් වශයෙන් මෙසේ තල්කෙඳි සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබීය.
යුද්දෙන් පසුව නැවත පදිංචි වූ මන්නාරම් ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ ස්ථානයකට රැගෙන යාම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන බවටද මෙහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසීය.