ඇෆ්ගන් පොලිස් නිලධාරීන් රැගත් රථ පෙළකට කාබුල් නගරයේදී තලේබාන් ත්රස්තයන් එල්ල කළ මරාගෙන මැරෙන ප්රහාරයකින් පුද්ගලයන් 30ක් මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මියගිය පිරිසෙන් දෙදෙනෙකු හැර අන් සියලු දෙනා පොලිස් කැඩෙට් නිලධාරීන් බවත්, ඔවුන් නිල උත්සවයක් නිමවී යළි පැමිණෙමින් සිටියදී නගරයේ බටහිර ප්රදේශයකදී ඔවුන් රැගත් බස් රථ දෙකකට මෙම ප්රහාරය එල්ල වී ඇති බවත් කියැවෙයි.
ප්රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, ඔවුන් මීට සතියකට පෙර බස් රථයක් ඉලක්ක කරමින් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
බ්රහස්පතින්දා (30දා) එල්ල වූ ප්රහාරය විස්තර කරමින් තලේබාන් ප්රකාශකයෙකු පවසා සිටියේ එක් බස් රථයක් වෙත එල්ල කෙරුණු ප්රහාරයෙන් පසු ඔවුන් මුදාගැනීමට සෙසු පිරිස් පැමිණෙද්දී, බෝම්බ පුරවාගත් මෝටර් රථයක් අනෙක් බස් රථයක වෙත ධාවනය කරමින් ප්රහාරය සිදුකළ බවයි.