කුරුවිට තරුණිය ඝාතනය කළ වස බී සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා අදාල තරුණිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවට ඔහු විසින් ලියන ලද බවට සැලකෙන ලිපියකින් හා පර්වේෂණ සාක්ෂි මගින් අණාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එසේම එම ලිපිය හරහා අදාළ අනියම් සබඳතාව නිසා කරදර ඇති වූ බවට සඳහන්ව ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරු පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේදී ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිරිගල රෝහලේදී සිදුකිරීමට නියමිත බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.