මාතර - අකුරුගොඩ - තෙලිජ්ජවිල ප්රදේශයේ පදිංචි අවුරුදු 28 ක තරුණයෙක් මාතර - මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන දියේ ගිලී අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ.මොහුගේ ජාතික හැඳුනුම්පත, පාවහන් යුගල සහ මුදල් පසුම්බිය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මෙම තරුණයා ගඟට පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.