ශ්‍රී ලාංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට අදාලව එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ යෝජනාවක් සම්මත කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු සිසුන් විසින් ආරම්භ කරනු ලැබූ උපවාසය ඊයේ (11දා) පස්වරුවේ අවසන් කර තිබේ.
පසුගිය සෙනසුරාදා සිට සිසුන් නවදෙනෙකු තන්ජාවුර් ප්‍රදේශයේදී මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරනු ලැබීය. එයින් එක් සිසුවෙකු සඳුදි දිනයේදී රෝගාතුර වීමෙන් රෝහල්ගත කරනු ලැබීය. ඉතිරි සිසුන් අටදෙනා ඊයේ උපවාසය අවසන්කොට ඇත්තේ තමිල්නාඩු දේශපාලන පක්ෂ හා පැවැත්වූ සාකච්ඡා වලින් පසුවය.
කෙසේ නමුත් එළඹෙන මස 22 වැනිදා තමිල්නාඩුවේ පාසල්වල සිසුන් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දිනක උපවාසයක් ආරම්භ කිරීමට සූදානමින් පසුවෙයි.
ද හින්දු පුවත්සේවය ඇසුරෙනි.