ඉටිරෙදි වලින් ආවරණය කර තිබූ නිවස වෙනුවට අංගසම්පූර්ණ නිවසක් තමාරා කේෂාණි දැරිය වෙනුවෙන් ඇයගේ පවුලට ලබාදීමට වයඹ පළාත් නිවාස අමාත්‍ය ගුණරත්න දෙහිගම මහතා තීරණය කර තිබේ.
පළාත් සභා ප්‍රතිපාදන යටතේ මෙම නිවස ඉදිවන අතර, එයට විදුලිය, ජලය වැනි සියලු පහසුකම් අන්තර්ගතවෙයි. පසුගියදා තමාරා දියණිය පැහැරගෙන යනු ලැබුවේ ඇය ජීවත්වන නිවයේ ඉටිරෙදි ආවණය කැපීමෙන් අනතුරුවය.