පවතින වර්ෂාව හා අවට ජල පෝෂක ප්රදේශවලින් එක්වන අමතර ජලධාරාව හේතුවෙන් අද (21) දින උදෑසන 7.45පමණ වනවිට තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
දොරටු 4ක් අඩි දෙකහමාර බැගින්ද, දොරටු 4ක් අඩි දෙක බැගින් ද එසේ විවෘත කළ බවත්, එමඟින් තප්පරයකට ජලය ඝණ අඩි 3,500ක් පිටතට මුදා හැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය.
දින කිහිපයක සිට කරුවලගස්වැව හා ඒ අවට ජල පෝෂක ප්රදේශවලට ඇඳ හැලෙන වැසි හේතුවෙන් තබ්බෝව ජලාශය ශිඝ්රයෙන් පිරි ගියේය. ඒ අනුව ඊයේ (20) දින දහවල් පළමුව අඩි 2 බැගින් වාන්දොරටු 2ක් විවෘත කිරිමෙන් එම දොරටු විවෘත කිරිම ආරම්භ වූ අතර, පසුව එය ක්රමක්රමයෙන් දොරටු 8ක් දක්වා මෙසේ වැඩි කෙරිණි.
කාලගුණය වෙනස්විම මත මෙම ප්රමාණය අඩුවැඩි විය හැකි බවත් එම කාර්යාලය සඳහන් කරයි.
තබ්බෝව ජලාශයේ වාන් මට්ටම අඩි 18ක් වන අතර, වාන් දොරටු ගණන 20කි. එසේම මෙම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15,400කි.
කරුවලගස්වැව - ජයරත්න වික්රමආරච්චි