තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10 දා තෙක් වලංගු වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලටත් මාතර දිස්ත්‍රික්කයටත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.