ඉදුරුව යාලේගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයෙකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සගවා සිටි ඩිසල් හා පෙට්‍රල් තොගයක් ඊයේ (22දා) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි .
එම ඉන්ධන තොගය සගවා තබාගත් ව්‍යාපරිකයාද මේ සමගම සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද ලැබුණු තොරතුරකට අනුව එම ව්‍යාපාරිකයාගේ ගබඩා කාමරය වටලා මේ ඉන්ධන තොගය සොයා ගත්තේයැයි පොලිසිය කියයි .
එහි තිබී ඩිසල් ලීටර් 210 බැරල් 5ක් හා 220 බැරල් 2ක් ඇතුළුව ඩිසල් ලීටර් 1490 ක් සහ පෙට්‍රල් ලීටර් 176ක් සහිත බැරල් එකක් සොයාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .
කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල ද සොයිසා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක කුලතුංග පොලිස් සැරයන් සිල්වා (53241 )පොලිස් කොස්තාපල් ගුණතුංග ( 20849 ) යන නිලධාරීහු මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වති .
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත