සම්මුතිවාදි රජයක් පිහිටුවිම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීෙ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිසංස්කරණ බවට මෙතෙක් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
තමාට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීම සහ ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීම පැරණි ජඩ ක්රමයේම අඛණ්ඩ පැවැත්මක් බවද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.