.(UPDATE) 9.41 AM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පවතින සයිබර් අපරාධ ඒකකය විසින් ප්‍රකාශයක් ලබදීම සඳහා අද පැමිණෙන ලෙස දන්වා තිබූ බී.බී.සී. සිංහල සංදේශයේ අසාම් අමීන්ට එසේ පැමිණිමේ අවශ්‍යතාවක් නොමැති බව පොලීසිය විසින් ලිපි මගින් හා දුරකතන ඇමතුම් මගින් තමන්ට දැන්වූ බව අසාම් අමීන් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
8.21 AM
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ජනපති මාධ්‍ය අංශය විසින් එක්කොට තිබූ සෘණාත්මක අදහසක් සිය ට්විටර් ගිණුම හරහා අණාවරණය කළ බී.බී.සී. සිංහල සංදේශයේ අසාම් අමීන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින සයිබර් අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇත.
අද (10දා) පෙ.ව. 10.00ට මෙම ප්‍රකාශය ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇත. ජනපති මාධ්‍ය අංශය විසින් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් පැවැසුවේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
ජනපතිගේ ට්විටර් ප්‍රකාශය හා ඊට පහතින් දැක්වෙන්නේ ජනපති මාධ්‍ය අංශයේ ටිවිටර් ගිණුම හරහා සිදුකළ ප්රකාශයි.
ජනපති මාධ්‍ය අංශය පසුව කළ ප්‍රකාශය