අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වි ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් උන්වහන්සේට ප්‍රතිකාර ලබාදීම අවසන් කර තිබේ.
ඒ අනුව උන්වහන්සේව බන්ධනාගාර රෝහලට වඩමවාගෙන යෑමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතී.
නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන විටත් ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය. උන්වහන්සේගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කිරීමට ශල්‍ය කර්මයක් පවා සිදුකෙරිණි.
ක්‍රිෂාන් රණසිංහ