ඔස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ එරට නිරූපනශිල්පිනියක වන මිරැන්ඩා කෙර් අතර පවතින රහස් ආදර සබඳතාව පිළිබඳව අලුත්ම තොරතුරු කිහිපයක් විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කළා. ඒ අනුව ජේම්ස් පැකර් ඇය වෙත ඩොලර් ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා දියමන්ති කරාබු දෙකක් තෑගි කර ඇතැයි වාර්තා වන බව ඔවුන් පවසනවා.
31 හැවිරිදි වියේ පසුවන මිරැන්ඩා සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු ඕර්ලාන්ඩෝ බ්ලූම්ගේ හිටපු බිරිඳද වෙනවා. පැකර් සහ මිරැන්ඩා එකට සිටින අයුරු අවසන් වරට කැමරා ඇසට හසුවුණේ පසුගිය අගෝස්තු මාසයේදී බව සඳහන්. ඒ නිවාඩුවක් සඳහා පැකර්ට අයත් සුඛෝපභෝගී යාත්‍රාවකින් ඔවුන් ස්පාඤ්ඤයේ වෙරළ තීරය වෙත ගොස් සිටි අවස්ථාවේදී බවත් එහිදී අනාවරණය කෙරුණා. ඒ අනුව දැනට සති හතරකට පමණ පෙරාතුවදී තෑගි දී ඇති මෙම කරාබු ජෝඩුව පැකර් ඇයට ලබාදුන් නත්තල් තෑග්ගක් ලෙසින්ද සැලකිය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.
කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මාධ්‍ය මිරැන්ඩාගෙන් කරුණු විමසීමට උත්සාහ ගත්තද එය ව්‍යවර්ථ වී ඇතැයි සඳහන්. එහෙත් එරට තවත් මාධ්‍යක් වෙත අදහස් ප්‍රකාශ කර ඇති මිරැන්ඩා තමන් තවමත් තනිකඩව සිටින බව පවසා සිටිනවා. දැනට වසරකට පමණ පෙරාතුව පැකර් සහ මිරැන්ඩා හොඳ යහළුවන් බවට ප්‍රථමවරට කටකතා පැතිර ගියා. එහෙත් තමන් මිරැන්ඩාව බලාපොරොත්තු වන බව පැකර් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුටම පවසා ඇතැයිද විදෙස් මාධ්‍ය වරෙක පවසා සිටියා.
මේ වනවිට පැකර් සිය බිරිඳ වන එරිකාගෙන් දික්කසාද වී සිටින අතර මිරැන්ඩාද සිය සහකරුවා වූ ඕර්ලාන්ඩෝ බ්ලූම්ගෙන් දික්කසාද වී සිටිනවා. පැකර්ගේ මේ දික්කසාද වීමද ලොව පුරා විශාල කතාබහකට ලක්වූ සිදුවීමක්ද වුණා. එසේම ඉන් මාස කිහිපයකට පසුව පැකර් චැනල් නයින් නාලිකාවේ ප්‍රධානී ඩේවිඩ් ජින්ගල් සමගින් මහමග ඇති කර ගත් දරුණු ගැටුමත් සමගින් පෙරටත් වඩා ආන්දෝලනයට තුඩු දෙන චරිතයක් බවටද පත්වුණා.