වර්ථමානයේ වැඩි වන ජීවන වියදමට සාපේක්ෂව රාජ්ය සේවකයන්ගේ මෙන්ම විශ්රාමිකයන්ගේ වැටුප් වැඩි විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ දෙවන දිනය සඳහා අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර රාජ්ය සේවකයන් රටට බරක් සහ අකාර්යක්ෂම යැයි සඳහන් කළද එය රාජ්ය සේවකයන්ගේ වරදක් නොවන බවත් ආණ්ඩු විසින් ගනු ලබන වැරදි තීන්දු හේතුවෙන් මෙලෙස රාජ්ය සේවය යම් කඩා වැටීමකට සහ අකාර්යක්ෂමතාවයට පත්ව ඇති බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා,
රාජ්ය සේවගේ කාර්යක්ෂමතාවය පිළිබඳ විවිධ අවස්ථා වල කතා වෙනවා. ඩිජිටල් කරණය ගැන කතා වෙනවා. ඒත් අපි දන්නවා කලින් තිබුණා රාජ්ය සේවයේ වසර 06ක් ගියාට පස්සේ ඒ තමන්ගේ කාරය් සාදනය අනුව හැකියාව මත උසස්වීමේ ක්රමවේදයක් තිබුනා. ඒ සඳහා වුනු විශේෂ කාර්ය සාදක විභාගයක් පැවැත්වුවා. ඒ විභාගයේ ලකුණු මට්ටම අනුව ඔ්නෑම රාජ්ය සේවකයෙකුට තමන්ගේ හැකියාව, දක්ෂතාවය, කැපකිරීම මත උසස්වීම ලබා ගන්න පුලුවන්. ඔබතුමන්ලා ඒක පසුගිය කාලයේ අහෝසි කළා. දැන් ඒ විභාගය පවත්වන්නේ නෑ. අවරුදු 10ක් අනිවාර්යෙන් ඉන්න වෙනවා. ඔබතුමන්ලා රාජ්ය සේවයේ කාර්යක්ෂමතාවය ඇති කරනවා නම් එවැනි හැකියාව මැන බැලීමේ ක්රමවේදයක් සකස් කළ යුතුයි. ඒ විභාගයේ ගැටලු තිබුනා නම් අලුත් ක්රමයක් හරි හඳුන්වා දිය යුතුයි. අපි දන්නවා පෞද්ගලික අංශයේ ඔ්නෑම ආයතනයක හැකියාවට දක්ෂතාවයට අනුව ඉහළට යෑමේ, වගකීම් භාරදීමේ ක්රමවේදයක් තිබෙනවා. ඒ නිසා තමයි පෞද්ගලික අංශයේ බොහෝ තැන්වන කළමණාකරණයේ හැකියාව මත ලාභ උපයන්නේ. රාජ්ය සේවය බරක්, අකාර්යක්සමයි කියලා කියනවා නම් ඒක රාජ්ය සේවකයාගේ වැරැද්දක් නෙවෙයි. රටට බරක් බවට පත් කරන්නේ දේශපාලඥයන්. ආණ්ඩු විසින් ගන්න වැරදි තීන්දු වලින් තමයි රාජ්ය සේවයේ යම් කඩා වැටීමකට, අකාර්යක්ෂමතාවයකට පත් වුනා නම් පත්වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒක නිවැරදි කිරීමේ වගකීම තිබෙන්නෙත් පවත්නා පාලනයට, ආණ්ඩුවට. ඒ වගේම ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. ඒ වැඩිවන ජීවන වියදමට සාපේක්ෂව රාජ්ය සේවකයාගේ වැටුප් වැඩිවිය යුතුයි. ඒක දැනට රාජ්ය සේවයේ ඉන්න අයට විතරක් නෙවෙයි විශ්රාමිකයන්ටත් ලැබිය යුතුයි. යනුවෙන්ද සඳහන් කළේය.