ජාතික නිදහස් පෙරමුණ රජයට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුබවාදී ප්‍රතිචාර ලැබුණු බව එම පක්ෂය කියයි.
මේ පිළිබඳව සාකච්ඡාවක් අද (17දා) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසම්මිල් මහතා කියන්නේ අදාළ යෝජනා ක්‍රියාවට නැංවීමට කඩිනමින් කටයුතු කරන බවට ජනපතිවරයා ප්‍රකාශ කළ බවයි.