ජාතික ඉන්ධන බලපත්‍රයේ QR කේතය අන් අයට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
වෙනත් කිසිවෙකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වග බලා ගැනීම සඳහා එම බලපත්‍රය ආරක්ෂිත ස්ථානයක තබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
එසේම වත්මන් බලපත්‍රය මකා දමා නව බලපත්‍රයක් ලබාගැනීමේ විකල්ප අවස්ථාවද දැන් නිර්මාණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.