විවිධ ප්‍රදේශයන් සිට කොළඹ නගරයට පැමිණ සේවය කරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(14දා) සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
ජාතික ආරක්ෂාව සුරැකීම, අපරාධ හා මත්ද්‍රව්‍ය දුරලීමත් මෙහි අරමුණ වේ.
මෙහිදී කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ නිවාස, ව්‍යාපාරික ස්ථාන,ආයතන,රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ඉදිකිරීම් වැඩබිම් වල තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලබා ගැනිම සිදුකරයි.
මෙහිදී ඉහත සඳහන් පරිශ්‍රයන් හි තාවකාලික පදිංචිකරුවන් වෙත මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පෝරමයක් ලබාදීමට කටයුතු කෙරේ. එයට අදාළ පුද්ගලයින්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතු වේ.
මෙම වැඩසටහන 14,15,16 යන තෙදින ක්‍රියාත්මකයි.