ජපන් සාගරික ආරක්ෂක බළකායට අයත් යුද නෞකාවන් දෙකක් අද (01දා)උදෑසන කොළඹ වරායට පැමිණියේය. දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමේසහ සැපයුම් අවශ්‍යතාවයන් ලබාගැනීමේ අරමුණින් මෙම ජපන් නෞකා දෙක කොළඹ වරායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකාවන් පිළිගන්නා ලදී. සෝමාලියානු සහ ගල්ෆ් කලාපයේ මුහුදුකොල්ලකරුවන්ට එරෙහිව මෙහෙයුම්වල නිරතව සිටින අටවන ආරක්ෂක අංශයට අයත් මෙම නෞකාවන් දෙක හෙට (02දා) දක්වා කොළඹ වරායේ රඳවා තිබේ.