රටේ ජන මතය හමුදාව යොදා පාගාගෙන සිටීමෙන් අරගලය තවත් වැඩි වන බවත්, ඒ අනුව ජනතා අපේක්ෂා ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
2023 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අද (23දා) පාර්ලිමේන්තුවේ පැවති පළමු දිනය සඳහා වන විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
රනිල් වික්රමසිංහ මහතාගෙන් අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ රටේ ජන මතයට ඇහුම්කන් දෙන්න. මේක හමුදාව යොදවලා පාලනය කරලා පාගගෙන ඉන්න බෑ. එහෙම පාගගෙන ඉන්නකොට තමයි අරගලය තවත් වැඩි වෙන්නේ. අරගලය නතර කරන්න නම් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න ඔබතුමත් මේ පාර්ලිමේන්තුවත්, මේ ආණ්ඩුවත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.