ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා සඳහන් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම දින දෙක තුළ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන අයට නොවැම්බර් 07 දා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාලවලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමටද අවස්ථාව තිබේ.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට තැපැල් ඡන්දය පාවිච්චි කිරිමට නොවැම්බර් මස 04 වන දා වෙන් කොට තිබේ. ජනපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 07 ක ට අසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.
තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 18 වන දා තැපැල් දෙපාර්තමෙන්තුවට භාර දීමට නියමිතය.