ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නිදහස් උත්සවය අමතමින් කළ කථාව පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.
ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව 'අතිවිශිෂ්ඨ' බවයි'. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථාව අනුව ඔහු වැඩ කළ යුතු බවත් ඔහු පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මංගල සමරවීර මහතා,
" ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ අපහසු තීරණ ක්රියාත්මක කළ හැකි පුද්ගලයෙක් ශක්තිමත් නායකයෙකුයි. 1948 වසරෙන් පසුව අපගේ ගමන් මග තුළ හොඳ කථා කළ හැකි නායකයන් සිටියා. නමුත් ඒ අනුව කටයුතු කරන්න කාලය ඇවිල්ලා"