ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරිම සියයට 80 – 85 ක් දක්වා වැඩිවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍ර වේශපත්‍ර ලබාගනිමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇල්පිටියේ ඡන්දය භාවිත කිරීමද සියයට 80ක් පමණ වූ බවත් එය යහපත් දෙයක් බවත් එය ජනපතිවරණයේදීත් බලාපොරොත්තු විය හැකි බවද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරත් පැවැසීය.