මැතිවරණයක් නොපවත්වන බවට ජනපති කළ කථාවට ඔහු ආසන්නයේ සිටි පිරිසක් අත්පොළසන් දුන්නත් ලක්ෂ 220ක් වන සමස්ත මහ ජනතාව දුක්වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අද (24දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඒසේම ජනපතිවරයා කෙළෙහිගුණයක් දන්නේ නම් අරගලය නැවැත්වීමට උත්සාහ නොකරන බවත් ඔහු පැවැසීය. මැතිවරණයක් නොපවත්වන බවට ජනපතිවරයා කළ කථාව පිළිබඳව එතරම් අවධානයක් යොමුකිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පැවැසීය.
මැතිවරණයකින් තොරව ජනපතිවරයා, අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයාට සිය ධුරවලින් ඉවත්වීමට සිදුවූ බවද ඔහු පැවැසීය.
" සාමකාමී පොදුජන අරගලවලට මේ රටේ ඉඩක් තිබෙනවා. ඒ්කට අපි හයිය දෙනවා. ඒ්කට අපි නායකත්වය දෙනවා. ඒවා නවත්වන්න අපි ඉඩ දෙන්නේ නෑ. ආර්ථිකය බංකොලොත් කිරීමට විරුද්ධ රටේ ජනතාව නැගිටීම කිසිකෙනෙක්ට නතර කරන්න බෑ. මෙතන පොර ටෝක් දෙන්න ඒපා.
මම මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් කියලා තිබුණා. මම මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් නම් අද මම ජනපතියි. ඒහෙනම් මම විපක්ෂනායක නෙමෙයි. සක්විති රජකම දෙනවා කිව්වත් අපේ ප්‍රතිපත්ති වෙන්දේසි කරන්නේ නෑ."