72 වැනි ජාතික නිදහස් දින සැමරුම වසර 15කට පසුව නැවතත් නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට ගත් කීරණය අගනා තීරණයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ සරලව හා නියමිත වේලාවට පැවැත්වුණ උත්සවය ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පැවැත්වීමෙන් සැම ඒකරාශි කරන සමෘද්ධිමත් දේශයක් ගොඩ නැගීමට ඇති අභියෝග සිහි ගන්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.