ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කරයි.
සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා වෙන් කර ඇති නමුත් මෙවර සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද විමසීම පැවැත්වීමේදී ඒම කාලසීමාව ප්‍රමාණවත් නොවිය හැකි හෙයින් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව මෙවර ද පැන නගිනු ඇත.
මෙලෙස පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂක ප්‍රමාණය ඉහළ යාම නිසා සහ ඡන්ද පත්‍රිකාවේ දිග ප්‍රමාණයත් වැඩිවීම යන කරුණු හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබාදී තිබූ කාලය පැයකින් දීර්ඝ කළ අතර එහිදී පස්වරු 5 දක්වා ඡන්ද විමසීම පැවැත්විණ.
නමුත් එම මැතිවරණය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ එම දීර්ඝ කරන ලද කාලසීමාවේදී ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මට්ටමක පැවති බවයි. එමෙන්ම පොළොන්නරුව,හම්බන්තොට,මාතලේ ආදී දිස්ත්‍රික්කවල දුර බැහැර ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි රැගෙන එමේදී වනඅලි ප්‍රශ්න සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු ආදී විවිධ තර්ජනයන් රැසකටද මුහුණු දීමේ අවධානමක් පැවතිණ.
මේ අතර පැවති මැතිවරණ සියල්ලම පාහේ නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ පෙරවරු 7ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡනතාව පෝලිම් ගැසී සිටින ආකාරයයි.
මෙම තත්ත්වයන් පිළිබද සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ඡන්දය ප්‍රකාශකිරීමේ කාලය පැයකින් දීර්ඝ කරන්නේ නම් එය සවස් කාලයේ දීර්ඝ කිරීමට වඩා උදය කාලයෙන් විනාඩි 30ක් සහ සවස් කාලයෙන් විනාඩි 30ක් බැගින් දීර්ඝ කිරීම උචිත බවයි.
ඒ අනුව පෙරුවරු 6.30 සිට පස්වරු 4.30 දක්වා ඡන්දය පැවැත්වෙන්නේ නම් බොහෝ ප්‍රායෝගික ගැටලු රැසක් අවම කර ගත හැකි බව යෝජනා කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.