චීන ජනපති ෂී ජින්පින් මහතා එළැඹෙන නව වසර වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ශ්රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.
චීන ජනපතිවරයාගේ නව වසර වෙනුවෙන් වූ සුබ පැතුම් පණිවිඩය චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.